පාසල් ගීතය
දෙස බස රැස සුරකින දරුවන් වේ අප
විදුහල් මෑණියගේ.........//
දෑ කුල ගොත් යදැමුන් බිඳදා
රැක රාජකීය මව් සැමදා
කෑගලු පුරවරයෙන් අබිමන් නංවමු
විදුහල් මෑණියගේ........
ජයවේ.........// විදුහල් මෑණි
නිබඳේ සිරියෙන් වැජඹේවා විදුමෑණී...
දසදිග පැතිරූ ඔබ කී ර් ති යයි
මහ මෙර බඳු වූ දරු ස්නේහයයි
යුග එකලු කරන ජාතික මෙහෙවර
කඳු පියස පිරූ බිම සුරවිමනයි.......//
ජයවේ.........// විදුහල් මෑණි
නිබඳේ සිරියෙන් වැජඹේවා විදුමෑණී....
නගව් කෙහෙලි නද - ඇදෙව් මගට ජය
බැඳී සිටිනු එකසේ රන්දම ලෙද
ගරු බුහුමන් මැද වොරැඳී
නිබඳේ සිරියෙන් වැජඹේ.........
එය වේ........// අපගේ මුක්තිය සැමදා
ජයවේ.........// විදුහල් මෑණි
නිබඳේ සිරියෙන් වැජඹේවා විදුමෑණී....
පබැදුම හා තනුව - ඒ.ආර්.පී.බණ්ඩාර මයා
සංගීත නි ර් මාණය - එම්.වී.ඩී.අයි.එන්. ගුණසේකර මිය